
පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවෙකුව සිටි පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඩ් බදියුදීන් නීතිපති උපදෙස් ප‍්‍රකාරව එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොටුව මහේස්ත‍්‍රාත් තිලිණ ගමගේ නියෝග කළා.
ඒ, එම සිද්ධියට අදාළ නඩුව යළි කැඳවූ අවස්ථාවේදීයි.
පාස්කු ඉරුදින ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ප‍්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොහු අත්අඩංගුවට ගනු ලැබුවේ පසුගිය අප්‍රේල් මස 21 වනදායි. මාස 7 කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිටීමෙන් අනතුරුවයි ඔහුට ඇප නියම කරනු ලැබුවේ.