
මහා පරිමාණ මූල්‍ය වංචා චෝදනා සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තිලිණි ප‍්‍රියමාලි අද වැලිකඩ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කර තිබෙනවා.
කොළඹ අතිරේක දිසාවිනිසුරු ප‍්‍රමුඛ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට එහිදී ඇය ඉදිරිපත් කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප‍්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක සඳහන් කළේ.
රක්ෂිත බන්ධනාගාරයේ සිටියදී තිලිණි ප‍්‍රියමාලි සතුව තිබී ජංගම දුරකථනයක් සොයාගත් අතර ඒ සම්බන්ධයෙන් සිදුකෙරන විමර්ශනවලට අදාළවයි ඇය අද බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයක් හමුවට ඉදිරිපත්කරනු ලැබුවේ.
වැඩිදුර විභාගය මෙම මස 24 වනදා දක්වා කල්තබා තිබෙනවා.