මන්කිපොක්ස් හෙවත් වඳුරුඋණ වැළඳුණු පළමු රෝගියා මෙරටින් හඳුනා ගෙන ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ප‍්‍රකාශ කළා.
ඩුබායි සිට මෙරටට පැමිණි කැළණිය ප‍්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙකු මෙලෙස හඳුනාගෙන ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
පෙරේදා රෝහල් ගතකර ඇති ඔහු මේ වනවිට වෙන්කළ විශේෂිත ස්ථානයක ප‍්‍රතිකාර ලබන අතර, ඔහුගේ තත්වය බරපතල නොවන බව සඳහන්.
ජාත්‍යන්තර වසංගත විද්‍යා වාර්තාවන්ට අනුව පසුගිය මස 25 වනදා වනවිට වදුරු උණ වසංගතය වැළඳුණු රෝගීන් සංඛ්‍යාව 20,675 දෙනෙකු ලොව රටවල් 51 කින් හඳුනාගෙන ඇති බව සඳහන්.
රෝගීන් වැඩි වශයෙන් වාර්තාවී ඇති රටවල් පහක් ලෙස ස්පාඤ්ඤය, ප‍්‍රංශය, ජර්මනිය, නෙදර්ලන්තය සහ පෘතුගාලය හඳුනාගෙන තිබෙනවා.
ස්පාඤ්ඤයෙන් වාර්තාවී ඇති රෝගීන් සංඛ්‍යාව 7,317 ක් වන අතර, වඳුරු උණ හේතුවෙන් මේ දක්වා ලොව පුරා වාර්තාවී ඇත්තේ මරණ 3 ක් පමණක් බව සඳහන්.