පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව, රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව ඇතුළු කාරක සභා රැසක් ඉදිරි සතිය තුළ රැස්වීමට නියමිතයි.
ඒ අනුව සීමාසහිත ලංකා ගල් අගුරු පෞද්ගලික සමාගම ලබන 9 වනදා පොදු ව්‍යාපාර කාරක සභාව හමුවට කැඳවා තිබෙනවා.
එසේම ලබන අඟහරුවාදා කෝපා කමිටුව රැස්වීමට නියමිත අතර එහිදී එළවළු බීජ දේශීයව නිෂ්පාදනය කිරීමේ ප්‍රගතියට අදාළ විශේෂ විගණන වාර්තාව පිළිබඳ විමර්ශනය කිරීමට ද නියමිතයි.
එමෙන්ම, සායනික අපද්‍රව්‍ය බැහැර කිරීමේ කටයුතු කළමනාකරණයට අදාළ විමර්ශනය සඳහා ලබන 11 වනදා කෝපා කමිටුවට අදාළ ආයතන කැඳවා ඇති බව සඳහන්.
මේ අතර, අමාත්‍යාංශයීය උපදේශක කාරක සභා කිහිපයක් ද ලබන සතියේ රැස්වීමට නියමිතයි.
මේ අනුව ලබන 8 වනදා අධිකරණ කටයුතු පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව, අධ්‍යාපන පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව සහ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබ`ද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව ද රැස්වනු ඇති.