
හම්බන්තොට මුහුදේදී හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 300 ක් සමඟ සැකකරුවන් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නාවික හමුදාව සඳහන් කළේ ධීවර යාත‍්‍රා දෙකකින් ප‍්‍රවාහනය කරමින් තිබියදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගත් බවයි. එම යාත‍්‍රා දෙකද නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධව මෙම වැටලීම සිදුකළා.