
ශ්‍රී ලාංකිකයින් ඇතුළු සංක‍්‍රමණිකයින් 300 දෙනෙකු රැගත් යාත‍්‍රාවක් ජාත්‍යන්තර මුහුදේ අනතුරට පත්ව තිබෙනවා.
නාවික හමුදා ප‍්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා ප‍්‍රකාශ කළේ, ඊයේ දිනයේ දී එම යාත‍්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයෙකු නාවික හමුදාව අමතා තමන් රැඳී සිටින යාත‍්‍රාව අනතුරට ලක්ව ඇති බවට දැනුම් දුන් බවයි.
පසුව කොළඹ සමූද්‍රීය ගලවාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය සිංගප්පූරුව, වියට්නාමය සහ පිළිපීනය යන රටවල් වලට මේ සම්බන්ධයෙන් දැනුම් දී තිබෙනවා.
මේ වන විට එම නෞකාව වියට්නාමයට වෙත රැගෙන යමින් සිටින බව සිංගප්පූරුවේ ආරක්ෂක අංශ විසින් නාවික හමුදාවට ප‍්‍රකාශ කර තිබෙනවා.
මෙම යාත‍්‍රාවේ කොපමණ ශ්‍රී ලාංකිකයින් පිරිසක් සිටියේ ද සහ ඔහුන්ගේ අනන්‍යතාවය යාත‍්‍රාව වියට්නාමයට රැගෙන යාමෙන් පසු තහවුරු කිරීමට හැකි වනු ඇති බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ.