
සම්භාහන චිකිත්සකවරියන් විදේශීය රටවලින් මෙරටට ගෙන්වා ගැනීමට තීරණය කර තිබෙනවා.
මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයින් බෙහෝදෙනෙක් සම්භාහන චිකිත්සක ක්‍රියාවලිය බලාපොරොත්තු වුවත් ඒ සඳහා රට තුළ පළපුරුදු චිකිත්සකවරියන් නොමැති වීම නිසා ප‍්‍රධාන හෝටල් ආශ්‍රිත සම්භාහන මධ්‍යස්ථාන රැසක් වසාදමා ඇති බවයි සංචාරක සංවර්ධන අධිකාරිය කියා සිටියේ.
ඒ අනුව ඔවුන්ගේ ඉල්ලීමකට අනුව විදේශීය රටවලින් සම්භාහන චිකිත්සකවරියන් මෙරටට ගෙන්වීමට අවසර ලබා දුන් බව එම අධිකාරියේ සභාපති ප්‍රියන්ත ප‍්‍රනාන්දු සඳහන් කළා.