හොරණ – මිල්ලණිය – ගුංගමුව කණිෂ්ඨ විද්‍යාලයේ පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවන් පිරිසක් වද හිංසාවට ලක් කිරීම සම්බන්ධයෙන් එම විද්‍යාලයේ විදුහල්පතිනිය, ගුරුවරියක් සහ ඊට සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්දෙනෙකු ජාතික ළමාරක්ෂක අධිකාරිය විසින් ඊයේ අත්අඩංගුවට ලැබුවා.
ඊයේ දිනයේදී මෙම පිරිස ජාතික ළමාරක්ෂක අධිකාරිය වෙත කැඳවා තිබුණේ විද්‍යාලයේ ගුරුවරියකගේ ගමන් බෑගයේ තිබූ පසුම්බියක් සොරකම් කිරීම ඇතුළු චෝදනා කිහිපයක් එල්ල කරමින් පහ ශ්‍රේණියේ සිසුන් 12 දෙනෙකුට පුස්තකාල කාමරය තුළ රඳවාගෙන පහරදීමේ සිද්ධියට අදාළ විමර්ශන සඳහායි.
ජාතික ළමාරක්ෂක අධිකාරිය සිදුකළ මූලික විමර්ශනයේදී අනාවරණ වී තිබුණේ එහිදී ළමයින් තුන්දෙනෙකුට පොලිස් නිලධාරීන්ද පහරදී කෲරත්වයට සහ වද හිංසාවට ලක් කර ඇති බවයි.