
අයි.සී.සී. පන්දුවාර විස්සයි විස්ස නවතම පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීමට අනුව යළිත් වරක් එහි පෙරමුණ ගැනීමට ශ්‍රී ලංකාවේ සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග සමත් වී තිබෙනවා.
ඔහු පෙරමුණ ගෙන ඇත්තේ මෙතෙක් එහි පළමු ස්ථානයේ රැඳී සිටි ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ව දෙවන ස්ථානයට ඇද දමමින්.
ශ්‍රේණිගත කිරීම්වල තුන්වන ස්ථානය ඕස්ට්‍රේලියාවේ ජොෂ් හේසල්වුඩ්ට හිමිව තිබෙනවා.
සිව්වන ස්ථානය දකුණු අප්‍රිකාවේ තබ්රේස් ෂම්සි හිමිකරගෙන ඇති අතර ඕස්ට්‍රේලියාවේ ඇඩම් සම්පාට හිමිව ඇත්තේ පස්වන ස්ථානයයි.