
ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලැබීමට පාකිස්තාන කණ්ඩායම අද සමත් වුණා.
ඒ, නවසීලන්තය සමඟ පැවති අවසන් පූර්ව තරඟය කඩුළු 07 කින් ජයග්‍රහණය කිරීමත් සමඟයි.
තරඟයේ කාසියේ වාසිය දිනාගත් නවසීලන්තය පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, නියමිත පන්දුවාර විස්ස අවසානයේ ඔවුන් කඩුළු 04 කට ලකුණු 152 ක් ලබාගත්තා.
ජයග්‍රාහී ඉලක්කය හඹාගිය පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 19 යි එක් පන්දුවක් අවසානයේ කඩුළු 03 ක් පමණක් දැවී තිබියදී ලකුණු 153 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළා.