
වසරේ මේ දක්වා සිදුකළ වැටලීම් වලින් හෙරොයින් කිලෝග‍්‍රෑම් 1415 ක් සොයා ගෙන තිබෙනවා. එහිදී අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් සංඛ්‍යාව 37,819 ක් බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ.
මින් වැඩිම වැටලීම් සංඛ්‍යාවක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය හා නාවික හමුදාව එක්ව සිදුකර ඇති අතර, එහිදී සොයා ගෙන ඇති හෙරොයින් ප‍්‍රමාණය කිලෝග‍්‍රෑම් 1248ක්. එම වැටලීම්වලදී සැකකරුවන් 39 දෙනෙකු ද අත්අඩංගුවට ගැණුනා.
එමෙන්ම, ගංජා කිලෝග‍්‍රෑම් 10,222 ක් සැකකරුවන් 26,581 ක් සමග අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් වැඩිම ප‍්‍රමාණයක් පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් සොයා ගෙන තිබෙනවා.
මේ දක්වා සිදුකළ වැටලීම් වලදී කොකේන් කිලෝ 370 කට අධික ප‍්‍රමාණයක් ද හමුවී ඇති අතර, ඉන් කිලෝ 365 ක්ම සොයා ගෙන ඇත්තේ රේගුව සිදුකළ වැටලීම් වලදීයි.
එසේම, මෙතම්ෆෙටමින් මත්පෙති කිලෝග‍්‍රෑම් 100 කට අධික ප‍්‍රමාණයක් ද මෙම කාලය තුලදී අත්අඩංගුවට ගෙන ඇති අතර, දිවයින පුරා පොලිස් ස්ථාන මගින් සිදුකළ වැටලීම් වලදී ඉන් වැඩි ප‍්‍රමාණයක් සොයා ගෙන තිබෙනවා.