වියට්නාමයේ වුන්ග්-ටා ඕ වරායේ සිටින ශ‍්‍රී ලාංකික සංක‍්‍රමණිකයින්ගේ ප‍්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ‍්‍රී ලංකා නාවික හමුදාව සහ පිලිපීනය, සිංගප්පූරුව සහ වියට්නාමයේ ශ‍්‍රී ලංකා දූත මණ්ඩල සහ සිංගප්පූරුව පදනම් කරගත් කලාපීය සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මැදිහත්ව ඔවුන් මුදාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කළ බවයි.
මගීන් පරීක්ෂා කිරීම වියට්නාම බලධාරීන් සහ වියට්නාමයේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් සංක‍්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් සිදු කරන බවද ඔවුන් පැවසුවා.
තහවුරු කර ගැනීමේ පරීක්ෂණ ක‍්‍රියාවලිය අවසන් වූ පසු, කඩිනමින් මෙම පිරිස ආපසු ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බවද විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළා.