
වැලිකන්ද – කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වන වාර්තාව අද දිනයේ ලැබීමට නියමිතව ඇති බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි පවසනවා.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පසුගියදා පංච පුද්ගල කමිටුවක් පත්කරනු ලැබුවා.
ඒ, ජනාධිපතිවරයා අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස දැනුම්දීමත් සමඟයි.
වැලිකන්ද – කන්දකාඩු ප‍්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර, හටගත් ගැටුමට අදාළව අත්අඩංගුවට ගත් රැඳවියන් 202 දෙනෙකු ලබන 17 වනදා දක්වා මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
ගැටුමත් සමග කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට සේනපුර පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙන ගිය රරැඳවියන් 218 දෙනෙකු යලි කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත රැගෙනවිත් තිබුණා.
කෙසේ වෙතත්, මේ වනවිට පළාගොස් සිටින රැඳවියන් 26 දෙනෙකු සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.