
මේ වසර තුළ ක්ෂය රෝගීන් 8,000 කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා වූ බවත්, ඉන් 50% ක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ ක්ෂය රෝග මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් කියා සිටියේ ඉන් වැඩි ප‍්‍රමාණයක් කොළඹ නගර සීමාව කේන්ද්‍ර කරගනිමින් වාර්තා වන බවයි.