
මහාපරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනා එල්ල වී ඇති තිලිණි ප්‍රියමාලි සමග ගණුදෙනු කිරීමේ සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බොරැල්ලේ සිරිසුමන හිමියන්ගේ පියාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප‍්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා.
එමෙන්ම, සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ජානකී සිරිවර්ධන මීගමුව බන්ධනාගාරය වෙත යොමුකර තිබෙනවා.
ඇය එලෙස මීගමුව බන්ධනාගාරය වෙත මාරු කර යවා ඇත්තේ දැනට වැලිකඩ බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරයේ සිටින තිලිණි ප්‍රියමාලි සමග ගැටලූ ඇති කර ගැනීමට ඉඩ ඇති බවට සැක පහළ වීම හේතුවෙන්.
ජානකී සිරිවර්ධන මේ වනවිට සාමාන්‍ය අයුරින් රැඳවියන් රඳවා සිටින වාට්ටුවෙහි සිටින බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ.
මේ අතර, අන්තර්ජාලය හරහා මුදල් උපයා ගත හැකි බවට පවසමින් සිය මුදල් ආයෝජනය කර ඇති පෞද්ගලික ආයතනයෙන් එම මුදල් ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ (09) කොටුව දුම්රියපොල ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වුණා.
විවිධ ප‍්‍රදේශවලින් පැමිණි පුද්ගලයින් ඒ සඳහා එක්ව සිටියා.