ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ ලංකා අයි.ඕ.සී. කටයුතු කර තිබෙනවා. ඒ අනුව ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් මිල ගණන් ඊයේ (11) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ නැංවීමටයි පියවර ගැනුණේ.
රුපියල් 415 ක්ව පැවති ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 15 කින් ඉහළ දමා ඇති අතර, ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 430 ක්.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 25 කින් ඉහළ දමා තිබෙනවා.
ඒ අනුව රුපියල් 340 ක්ව පැවති භූමිතෙල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 365 ක්.
කෙසේ වෙතත්, අනෙකුත් ඉන්ධන වර්ගවල මිල ගණන්වල සංශෝධනයක් සිදුව නැහැ.