
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් මුදාහරින ලෙස ඉල්ලා පිරිසක් කොළඹ පිහිටි එක්සත් ජාතින්ගේ කාර්යාලය වෙත සංදේශයක් භාරදීමට පැමිණියා.
එහිදී එක්සත් ජාතින්ගේ සංවිධානයේ මෙරට නේවාසික සම්බන්ධීකාරක හනා සිගර් එම ස්ථානයට පැමිණ ඇය විසින්ම අදාළ සංදේශය භාරගනු ලැබුවා.
අනතුරුව පිරිස එක්සත් ජාතින්ගේ කාර්යාලය ඉදිරිපිට සංකේතාත්මක සත්‍යග‍්‍රහයකද නිරතවූ අතර පොලිසිය පැමිණ එම ස්ථානයෙන් ඉවත්වන ලෙස දැනුම්දීමත් සමඟ විවාදාත්මක තත්වයක් ද ඇති වුණා.