
සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල මේ මස අවසන් වීමට පෙර නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඞී ධර්මසේන පවසනවා.
ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් වන කටයුතු මේ වනවිටත් සිදුකෙරෙමින් පවතින බවයි.
මේ අතර උසස් පෙළ උත්තර පත‍්‍ර ඇගයීම් කටයුතු සිදුකරන ගුරුවරුන් රැසකට ගෙවීම් මේ වනවිට සිදුකර ඇති බව විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළා.