රජීව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම වී සිටින එල්.ටී.ටී.ඊ. සාමාජිකාවක වන නලිනි ශ‍්‍රීහරන් ඇතුළු හයදෙනා නිදහස් කිරීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) නියෝග කර තිබෙනවා.
මීට පෙර තමිල්නාඩු ප‍්‍රාන්ත රජය විසින් ඔවුන් නිදහස් කරන ලෙස ආණ්ඩුකාරවරයාට නිර්දේශ කර ඇති බවයි ඔවුන් නිදහස් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය කියා සිටියේ.
හිටපු අග‍්‍රාමාත්‍ය රජීව් ගාන්ධි 1991 වසරේ මැයි 21 වනදා තමිල්නාඩුවේ ශ‍්‍රී පෙරුම්ත්තූර් හිදී ඝාතනයට ලක්වුණේ ධනු නැමති එල්.ටී.ටී.ඊ. මරාගෙන මැරෙන බෝම්බකාරියක මල්මාලා පළඳවමින් එල්ල කළ ප‍්‍රහාරයේදියි.
ඉන්දීය සාමසාධක හමුදාව ශ‍්‍රී ලංකාවට එවීම, එවකට 46 හැවිරිදිව සිටි හිටපු අගමැති රජීව් ගාන්ධි මෙලෙස ඝාතනයට ලක් කිරීමට හේතුවූ බව සැළකෙනවා.
රජීව් ගාන්ධි ඝාතනයේ මුල් නඩුවට අදාළව 26 දෙනෙකුට මරණ දඩුවම ලබා දී තිබුණා. පසුව 2000 වසරේදී නලිනි ශ‍්‍රීහරන් හට ලබාදී තිබූ මරණ දඩුවම ලිහිල්කර, ජීවිතාන්තය දක්වා සිරදඩුවම් ලබා දුන්නා.