අමාත්‍ය ධුර ඉල්ලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුනොකළ බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
එහි මහලේකම් නීතිඥ සාගර කාරියවසම් සඳහන් කළේ පොදුජන පෙරමුණ යළිත් අමාත්‍ය ධුර ඉල්ලමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යැවූ බවට ජාතික පුවත්පත් වාර්තා කර තිබූ බවයි.
එලෙස ලිපියක් යොමුකරන්නේ නම් පක්ෂයේ මහලේකම්වරයා ලෙස තමන් විසින් එය කළ යුතු අතර එවැන්නක් තමන් යොමු නොකළ බවයි මහලේකම්වරයා ප‍්‍රකාශ කළේ.
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ තවත් මන්ත‍්‍රීවරුන් කිහිපදෙනෙකුට අමාත්‍ය ධුර ලබා දෙන බවට අවස්ථා කිහිපයකදී ප‍්‍රචාරයන් පැතිර ගියා.
ජනාධිපතිවරයාගේ ජපාන සංචාරයෙන් පසු එලෙස අමාත්‍ය ධුර ලබාදෙන බවට ප‍්‍රකාශ වුවද එය සිදුවූයේ නැහැ.
අවස්ථා කිහිපයකදී ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිවරයා හමුවූ බවද වාර්තා වුණා.
කෙසේ වෙතත් පසුගියදා අග‍්‍රාමාත්‍යවරයා විසින් දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු සභාපති ධුර පිරිනමනු ලැබුවා.