මේ වසරේ ගත වූ කාලසීමාව තුලදී සමාජ මාධ්‍ය පිළිබඳ පැමිණිලි 12,373 ක් වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසනවා.
එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු රවිදු මීගස්මුල්ල කියා සිටියේ ඉන් සියයට 41 ක් මුහුණුපොත ආශ්රිත ව්‍යාජ පැමිණිලි වාර්තා වී ඇති බවයි.
මේ අතර, අන්තර්ජාලය හරහා මුදල් ඉපයීමේ වංචා සහගත දැන්වීම් වලට හසුනොවන ලෙසට ද ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සමාජ මාධ්‍ය පරිශීලකයින්ගෙන් ඉල්ලීමක් කරනවා.