
නිවාඩුව නොමැතිව සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සමාජිකයින් හට නීත්‍යානුකුලව සේවයෙන් ඉවත්වීම සඳහා ලබාදුන් පොදු සමා කාලය අද ආරම්භ වනවා.
එය දින 45 ක් ක්‍රියාත්මක බවයි යුද හමුදා මාධ්‍ය අංශය නිවේදනය කළේ.
මේ වසරේ ඔක්තෝම්බර් 25 වනදා හෝ ඊට පෙර නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටි හමුදා සාමාජිකයින් සඳහා මෙම පොදු සමා කාලය ලබාදී තිබෙනවා.