/
/
title icon එක්සත් ජාතීන්ගෙන් දිස්ත්‍රික්ක 08 කට යූරියා පොහොර.
එක්සත් ජාතීන්ගෙන් දිස්ත්‍රික්ක 08 කට යූරියා පොහොර.
Editor
2 years ago
Share:
එක්සත් ජාතීන්ගෙන් දිස්ත්‍රික්ක 08 කට යූරියා පොහොර.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙරට දිස්ත්‍රික්ක 08 ක් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් අනූ තුන්දහසක් නොමිලේ ලබාදී තිබෙනවා.

අක්කරයකට වඩා අඩු බිම් ප‍්‍රමාණයක වී වගා කරන ගොවීන් සඳහා මෙලෙස යූරියා පොහොර ලබා දීමටයි එම සංවිධානය පියවර ගෙන ඇත්තේ.

යාපනය, මුලතිව්, මන්නාරම, වව්නියාව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, මඩකලපුව සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල අඩු ආදායම් ලාභී ගොවීන් සඳහා කිලෝග‍්‍රෑම් 50ක බරින් යුත් පොහොර ප‍්‍රමාණයක් ලබාදීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කළේ.

මේ අතර, ලෝක බැංකුවේ ණය ආධාර මත මෙරටට ලැබුණු දෙවන යූරියා පොහොර තොගය ගොඩබෑම සහ බෙදාහැරීම පිළිබඳව නිරීක්ෂණයට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ඇතුළු පිරිසක් අද කොළඹ වරාය වෙත පැමිණීමට නියමිතයි.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required