
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක‍්‍රීඩක චාමික කරුණාරත්නව ඉන්දීය ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ සිය සංචිතයෙන් මුදා හැරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.
කොල්කටා කණ්ඩායමේ විදෙස් ක‍්‍රීඩකයින් පස්දෙනා අතරට චාමික කරුණාරත්න පසුගිය තරගාවලියේදී ඇතුළත්ව සිටියා.
ඒ අනුව දෙසැම්බර් මාසයේ පැවැත්වෙන අයි.පී.එල්. ක‍්‍රීඩක වෙන්දේසිය සඳහා චාමික කරුණාරත්න යළි ඉදිරිපත් කෙරෙනු ඇති.
මේ අතර මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම නියෝජනය කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කිරන් පොලාඞ් අයි.පී.එල්. තරගාවලියෙන් විශ‍්‍රාම ගෙන තිබෙනවා.
ඒ අනුව ඔහු ඉදිරියේදී පුහුණුකරුවෙකු ලෙස තරගාවලියට එක්වීමට සැළසුම් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.