
ඊයේ (15) බෙලිඅත්ත සිට මරදාන බලා ධාවනයවූ සීඝ්‍රගාමී දුම්රියේ ගැටී පුද්ගලයෙකු මරණයට පත්විය.
දුම්රිය මාර්ගයේ ගමන්කළ මොහු කුඩා පයාගල ප්‍රදේශයේදී දුම්රියක ගැටී ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ, 53 හැවිරිදි නිර්මලවත්ත, මග්ගොන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෘත ශරීරය කළුතර නාගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
භාග්‍යා බණ්ඩාර.