රුසියාව, යුක්රේනය දෙසට එල්ල කළ මිසයිලයක් පෝලන්තයේ ගම්මානයට පතිත වී තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ මෙම මිසයිල ප්රහාරයෙන් දෙදෙනෙකු මියගොස් ඇති බවයි.
පෝලන්තය යුක්රේන දේශසීමාවේ පිහිටි නේටෝ සංවිධානයට අයත් රටක් වනවා.
ඒ හේතුවෙන් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කරන බවයි නේටෝ සංවිධානය කියා සිිටියේ. රුසියාව ප්රකාශ කළේ තමන් මෙවැනි ප්රහාරයක් එල්ල කළ නොකළ බවයි.
හිතාමතා රුසියාව අපහසුතාවයට පත් කිරීම සඳහා මෙවැනි චෝදනා එල්ල කරන බවද ඔවුන් ප්රකාශ කළා. එහෙත් ඇමරිකාව ප්රමුඛ බටහිර රටවල් කියා සිටියේ රුසියාව මෙම ප්රහාරය එල්ල කර ඇති බවයි.