
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලියේ මීළඟ අදියර සඳහා ශ්‍රී ලංකා ක්‍රීඩකයින් වන වනිඳු හසරංග, භානුක රාජපක්ෂ, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ ඔවුන් මීට පෙර මිලදී ගනු ලැබූ කණ්ඩායම් වල තවදුරටත් රඳවා ගැනීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව වනිදු හසරංග රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේත්, භානුක රාජපක්ෂ පන්ජාබ් කින්ග්ස් කණ්ඩායමේත්, මහීෂ් තීක්ෂණ සහ මතීෂ පතිරණ චෙන්නායි සුපර් කින්ග්ස් කණ්ඩායමේත් රදවා ගැනීමටයි තීරණය කර ඇත්තේ.
කෙසේ වෙතත්, මීට පෙර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබු චාමික කරුණාරත්න සහ ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම විසින් මිලදී ගනු ලැබූ දුෂ්මන්ත චමීර නිදහස් කිරීමට එම කණ්ඩායම් තීරණය කර තිබෙනවා.