/
/
title icon පොහොර ගැන පැමිණිලි කරන්න අලුතින් දුරකථන අංක 04 ක්.
පොහොර ගැන පැමිණිලි කරන්න අලුතින් දුරකථන අංක 04 ක්.
Editor
2 years ago
Share:
පොහොර ගැන පැමිණිලි කරන්න අලුතින් දුරකථන අංක 04 ක්.

යූරියා පොහොර සම්බන්ධයෙන් යම් ගැටලූකාරි තත්ත්වයක් පවතින්නේ නම් ඒ පිළිබඳව දැනුම්දීම සඳහා නව දුරකථන අංක 04 ක් කෘෂිකර්ම අමාත්‍යාංශය මගින් හඳුන්වා දී තිබෙනවා.

077 349 75 65, 071 296 20 06, 071 861 45 57 සහ 070 66 64 550 යන දුරකථන අංකවලට පොහොර සම්බන්ධයෙන් ඇති ගැටලූ දැනුම්දෙන ලෙසයි එම අමාත්‍යාංශය දැනුම් දෙන්නේ.

මේ අතර, ගොවීන්ට බෙදාදීමට රැගෙන ගිය යූරියා පොහොරවල නියමිත බර නොමැතිවීම සම්බන්ධයෙන් විලච්චිය – පේමඩුව ගොවිජන සේවා මධ්‍යස්ථානයෙන් වාර්තා වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීමට කොමර්ෂල් පොහොර සමාගමේ සාමාන්‍යාධිකාරිවරයාගේ ප‍්‍රධානත්වයෙන් යුත් විමර්ශන කණ්ඩායමක් එම ප‍්‍රදේශයට ගොස් තිබෙනවා.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required