කෘෂිකර්මාන්තය අප ජීවනෝපායයි. ශිෂ්ටාචාර ආරම්භය සනිටුහන් වන්නේ කෘෂිකර්මාන්තය සමඟයි. ගංගා ආශ්‍රිත ජනාවාස බිහි වීම එහි එක් පියවරකි. තමා ජීවත්වන අවට පරිසරයෙන් ආහාර බෝග සොයාගත් මානවයා වර්තමානය වන විට අධි තාක්ෂණය සමග ගැටේ.
තාක්ෂණය නිසා කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ විවිධ ජයග්‍රහණ ලබා තිබේ. අතීතයට සාපේක්ෂව වර්තමානය සතුටුදායකය. නමුත් අතීතය සිත් ගන්නා සුළුය. “ගමයි පන්සලයි වැවයි දාගැබයි” යන ජනවහර වර්තමාන ජනයාට මතක නැතුවා වැනි ය. වගකිව යුත්තේ කවුරුන් දැයි සිතා ගත නොහැකිය. ගොවියා සිරගත කර හමාරය. ඉන් නිදහස් වීමට නඩු ගණනාවකට සහභාගි වීමට ගොවියාට සිදු වනු ඇත.
කෙසේ හෝ නඩුව දිය හැකිනම් අනාගතය පරපුර සිත්ගන්නා සමාජයට වග කියනු ඇත. ගැටලුව ඇත්තේ නඩුව දිනන ආකාරය පිළිබඳවයි. රජය, පෞද්ගලික අංශ, සාමාන්‍ය ජනතාව මේ කවුරුන් මැදිහත් විය යුතු ද? ප්‍රශ්නාර්ථයක් පමණි.
කාර්මීකරණයට තිත තැබිය යුතු යැයි කීම වැරදිය. කාර්මීකරණය අවශ්‍ය අවස්ථා වලට අවශ්‍ය පරිදි යොදා ගැනීම සුදුසුය. කාර්මීකරණය පටන් ගනු ලබන්නෙ හරිත විප්ලවයත් සමඟයි. හරිත විප්ලවය නිසා රසායනික ද්‍රව්‍ය, පොහොර, යන්ත්‍ර උපකරණ, දෙමුහුන් බීජ ආදිය කෘෂි බිමට පියවර තැබිය. තවමත් එසේමය. අද වන විට ගොවිබිම එයට වසඟ වී වැනිය. කාර්මීකරණය නොමැති තැන තිබූ කෘෂිකර්මාන්තය දෙස බැලීම පවා චමත්කාරජනක.
කෘෂිකර්මාන්තය හා කාර්මීකරණය නිවැරදි ලෙස මුසු කිරීම අද සමාජයට ගැළපෙනු ඇත. එසේ කළ හැකි නම් ස්වයංපෝෂිත තිරසාර ආර්ථිකයක් ගොඩනඟා ගත හැකිය. එමගින් හරිත ලෝකයක් බිහි වෙයි. අනාගත පරපුර බෝ නොවන රෝග වලින් ආරක්ෂා වෙයි. ඉතාමත් සමබර ජීවිතයක් ගොඩ ගොඩනැගෙයි. පෝෂදායී අනාගතයක් ගොඩනැගෙයි. අනාගතය සෞභාග්‍යමත් වෙයි. ඒ සඳහා වර්තමානයේ දී සෞභාග්‍යමත් අනාගතයට අවශ්‍ය බීජ රෝපණය කළ යුතුය. නමුත් ඊට අවශ්‍ය බීජ සොයා ගැනීමේ ගැටලු ඇතිවේ. ඉතාමත් සරල වේ. අතීත සමාජය දෙස සුපරික්ෂාකාරීව බැලූ විට රෝපණයට අවශ්‍ය බීජ නොමිලේම ලබාගත හැකිවනු ඇත.
භාග්‍යා බණ්ඩාර.