
ඕමානය සහ ඩුබායි රාජ්‍යයන්හි රැකියා ලබාදෙන බව පවසා මිනිස් ජාවාරම් සිදුකළ ප‍්‍රධාන සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපල පොලීසිය අද අත්අඩංගුවට ගනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 44 හැවිරිදි දෙහිවල ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.
මොහු ජනාධිපති කාර්යාලයේ ලේකම්වරයෙකු ලෙස පෙනී සිටිමින් මෙම ජාවාරම සිදුකර ඇති බවටයි විමර්ශනවලින් අනාවණ වී ඇත්තේ.
සැකකරු බාල වයස්කරුවන්ට රැකියා ලබාදෙන බව පවසමින් සංචාරක වීසා මත විදෙස් රටවලට රැගෙන ගොස් මෙම ජාවාරම සිදුකර තිබුණා.
ඔහු අද පෙරවරු 7 ට පමණ ඕමානයේ සිට කටුනායක ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවේදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරු දඹුල්ල ප‍්‍රදේශයේ විදේශ රැකියා නියෝජිත ආයතන 6 ක් පවත්වාගෙන ගොස් තිබෙනවා.