
බස්නාහිර පළාත තුළ වාර විභාග පැවැත්වීම අක‍්‍රමවත් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් පවසනවා.
ප‍්‍රශ්න පත‍්‍ර විභාග පැවැත්වීමේ දිනයට පෙර සිසුන් අතට පත්වීම මීට හේතු වී ඇති බවයි ඔහු කියා සිටියේ.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ශ‍්‍රී ලාල් නෝනිස්ගෙන් කළ විමසීමකදී කියා සිටියේ මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් මේ වනවිටත් ක‍්‍රියාත්මක බවයි.