
මාතර – තිහගොඩ පාසල් සිසුවෙකුට වෙඩිතැබිමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් උප පොලිස් පරික්ෂක වරයා ලබන මස 02 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබෙනවා.
මාතර-තිහගොඩ-නායිම්බල ප‍්‍රදේශයේ පසුගිය 28 වනදා තී‍්‍රරෝද රථයක් තුළ පාසළ් සිසුවෙකුට වෙඩිතැබිමේ සිද්ධියක් වාර්තා වුණු අතර, ඒ සම්බන්දයෙන් සැකපිට අදාල උප පොලිස් පරික්ෂක වරයා අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණා.
ඔහු ඊයේ මාතර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් මහුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු 15 හැවිරිදි මාතර – නායිම්බල ප‍්‍රදේශයේ පදිංචි පී.බි.හර්ෂ හංසක සිසුවා මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබනවා.