/
/
title icon අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය වලට පනවා ඇති සෙස් බද්ද ගැන හෙට යලි සමාලෝචනයක්.
අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය වලට පනවා ඇති සෙස් බද්ද ගැන හෙට යලි සමාලෝචනයක්.
Editor
2 years ago
Share:
අභ්‍යාස පොත් සහ ලිපි ද්‍රව්‍ය වලට පනවා ඇති සෙස් බද්ද ගැන හෙට යලි සමාලෝචනයක්.

 

පාසල් අභ්‍යාස පොත් සහ උපකරණ සඳහා පනවා ඇති සෙස් බද්ද ඉවත් කර ගැනීම සම්බන්ධයෙන් ඉදිරි අමාත්‍ය මණ්ඩල හමුවට යෝජනාවක් ඉදිරිපත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ප‍්‍රකාශ කළා. ඒ, රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

ඔහු කියා සිටියේ ලබන වසරේ මුල් කාර්තුවේදී පාසල් නිල ඇඳුම් රෙදි ලබාදී අවසන් කරන බවයි. නිල ඇඳුම් රෙදි අවශ්‍යතාවයෙන් සියයට 70 ක් චීනයෙන් ආනයනය කරන අතර, ඉතිරි සියයට 30 දේශීය වශයෙන් නිෂ්පාදනය කරන බව ද ඔහු එහිදි සදහන් කළා.

විභාග දෙපාර්තමේන්තුව දින නියමකර ඇති පරිදි උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග පැවත්වෙන බවත් අපේ‍්‍රල් මාසයේ පැවත්වීමට නියමිත සාමාන්‍ය පෙල විභාගය තවදුරටත් කල් යනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් එහිදි වැඩිදුරටත් කියා සිටියේ.

මේ අතර, ලංකා ගුරු සංගමය කොළඹ දි අද මාධ්‍ය හමුවක් කැදවමින් ප‍්‍රකාශ කළේ සෙස් බද්ද මගින් පාසල් අභ්‍යාස පොත්වල සහ උපකරණ වල මිල ඉහලයාම හමුවේ දෙමාපියන් මුහුණ දි ඇති ගැටලූවට කඩිනම් විසඳුමක් ලබාදිය යුතු බවයි. එම මාධ්‍ය හමුවට දෙමාපියන්ද එක්ව සිටීම විශේෂත්වයක්.

Leave a comment
User Icon
Your email address and phone will not be published. Required fields are marked with *
0 Comments

Action Required