
මාර්ග සංවර්ධන අධිකාරිය විසින් රුපියල් මිලියන 15 ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම නිසා කොළඹ නගරයේ වීථි ලාම්පු සහ මාර්ග සංඥා පද්ධතිය අක‍්‍රිය වීමේ අවධානමක් පවතින බව විදුලි බල මණ්ඩලය පවසනවා.
විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සම ලේකම් ඉසුරු කස්තුරිරත්න කියා සිටියේ කොළඹ නගරයේ විථි ලාම්පු සහ මාර්ග සංඥාවලට අදාළව මාස 05 කින් පමණ බිල්පත් ගෙවා නොමැති බවයි.
මෙම මුදල ගෙවන ලෙස අවස්ථා ගණනාවකදි විදුලි බල මණ්ඩලය, මාර්ග සංවර්ධන අධිකාරියට දන්වා ඇතැත් ඒ සම්බන්ධයෙන් ප‍්‍රතිචාරයක් දක්වා නොමැති බවද වාර්තා වනවා.
මෙම තත්වය මත මාර්ග සංඥා සහ වීථි ලාම්පු විසන්ධි වුවහොත් ඉදිරියේදී රථවාහන තදබදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ඉංජිනේරු සංගමයේ සමලේකම්වරයා සඳහන් කළා.
එමෙන්ම වෙනත් මාර්ග රැසකම ඇති විදුළි ලාම්පු සහ මාර්ග සංඥා පද්ධති සඳහා විදුලි බිල්පත් ගෙවීමට ඇති බවද ඉංජිනේරු සංගමයේ සමලේකම් ඉසුරු කස්තුරිරත්න ප‍්‍රකාශ කළා.