
දඹුල්ල – කණ්ඩලම මාර්ගයේ පිහිටි කර්මාන්තශාලාවක පෝක් ලිෆ්ට් යන්ත‍්‍රයකට සිරවීමෙන් එහි රියදුරු මියගොස් තිබෙනවා.
ඔහු පැදවූ පෝක් ලිෆ්ට් යන්ත‍්‍රයේ වයරයක් පැටලීම හේතුවෙන් එය ඉවත් කිරීමට රියදුරු කටයුතු කරන අවස්ථාවේදී එය ක‍්‍රියාත්මක වී යන්ත‍්‍රයේ යකඩ ගේඩරය හා වහලයට හිස සිරවී මොහු බරපතල තුවාල ලැබුවා.
පසුව මෙම පුද්ගලයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුවයි මියගොස් ඇත්තේ. මියගිය පුද්ගලයා 47 හැවිරිදි දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙක්.