
මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිලිණි ප‍්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර තවත් පුද්ගලයෙකු සමඟ සිදුකරනු ලබන දුරකතන සංවාදය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප‍්‍රකාශයක් ලබාගෙන තිබෙනවා.
ඉසුරු බණ්ඩාර කිසියම් පුද්ගලයෙකු සමඟ දුරකථන සංවාදයක හඩපටයක් සමාජ මාධ්‍යයේ මේ දිනවල සංසරණය වන අතර ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ඊයේ කියා සිටියේ.
ඉසුරු බණ්ඩාර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුභසාධන අංශයේ රැඳවියන්ට ලබා දී ඇති දුරකතනයෙන් මෙම ඇමතුම ලබා ගත්තේ ද නැතිනම් ඔහු සතුව දුරකථනයන් පවතින්නේද යන්න සම්බන්ධයෙන් එහිදී බන්ධනාගාර නිලධාරින් ඉසුරු බණ්ඩාරගෙන් ප‍්‍රකාශ ලබාගෙන තිබෙනවා.
මීට පෙර තිලිණි ප්‍රියමාලි ලඟ තිබියදී ද ජංගම දුරකතනයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගනු ලැබුවා.