මහා පරිමාණ මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින ඉසුරු බණ්ඩාර නැමැත්තා දුරකතනයක් භාවිතා කරන බවට පළවන වාර්තා සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඊට අදාළව අද ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශයෙකු සඳහන් කළේ.
මූල්‍ය වංචා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින තිලිණි ප්‍රියමාලිගේ පෙම්වතා වන ඉසුරු බණ්ඩාර මේ වනවිට වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටිනවා.
ඉසුරු බණ්ඩාර කිසියම් පුද්ගලයෙකු සමඟ දුරකතන සංවාදයක නිරතවන හඬ පටයක් සමාජ මාධ්‍යයේ මේ වනවිට සංසරණය වනවා.
ඒ අනුව ඉසුරු බණ්ඩාර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සුභසාධන අංශයේ රැඳවියන්ට ලබා දී ඇති දුරකතනයෙන් මෙම ඇමතුම ලබා ගත්තේ ද නැතිනම් ඔහු සතුව පවතින දුරකතනයකින් එම ඇමතුම ලබාගත්තේද යන්න පිළිබඳව විමර්ශන ආරම්භකර තිබෙනවා.
මීට පෙර තිලිණි ප්‍රියමාලි ළඟ තිබියදීද ජංගම දුරකතන 02 ක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබුණා.