
ඉන්දුනීසියාවේ ජාවා දූපතේ ඇති වූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 162 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 770 දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි ප‍්‍රාදේශීය ආණ්ඩුකාර රිඩ්වාන් කමිල් කියා සිටියේ.
රික්ටර් මාපකයේ ඒකක 5.6 ක ප‍්‍රබලත්වයෙන් යුත් මෙම භූ කම්පනය බටහිර ජාවාහි සියන්ජූර් නගරයට කිලෝමීටර් 10 නොගැඹුරු ප‍්‍රදේශකයකදී සිදුව තිබෙනවා.
භූ කම්පනය හේතුවෙන් නිවාස 2200ක් පමණ විනාශ වී ඇති අතර 13,000කට වැඩි පිරිසක් අවතැන්ව ඇති බවයි ප‍්‍රාදේශීය ආණ්ඩුකාරවරයා කියා සිටියේ.