
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව පසුගිය මාසයේ උද්ධමනය සියයට 3 යි දශම එකකින් පහළ ගොස් තිබෙනවා.
සැප්තැම්බර් මාසයේ උද්ධමනය සියයට 73 යි දශම 7 ක් ලෙස වාර්තාවූ අතර පසුගිය මාසයේ එය සියයට 70 යි දශම 6 ක් දක්වා පහළ බැස ඇති බවයි ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව අද නිවේදනය කළේ. ආහාර කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මාසයේ පහල බැස තිබෙනවා.
ඒ අනුව ආහාර කාණ්ඩයේ උද්ධමනය ලෙස සියයට 80 යි දශම 9 ක් ලෙස වාර්තා වී ඇති අතර එය සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4 යි දශම 9 ක පහල යාමක්. එමෙන්ම ප‍්‍රවාහන අංශයේ උද්ධමනයද සියයට 108 යි දශම 8 දක්වා පහත බැස තිබෙනවා.
කෙසේ වෙතත් සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සන්නිවේදන අංශයේ උද්ධමනය සියයට 34 යි දශම 8 දක්වා ඉහළ ගොස් ඇති අතර එය පසුගිය මාසයේ වාර්තා වී ඇත්තේ සියයට 25 යි දශම 8 ක් ලෙසින්.
මීට අමතරව අධ්‍යාපන අංශයේ උද්ධමනයද සියයට 35 යි දශම 1 ක දක්වා ඉහළ යාමද විශේෂත්වයක්. පසුගිය සැප්තැම්බර් මාසයේ අධ්‍යාපන අංශයේ උද්ධමනය ලෙස දැක්වුණේ සියයට 31 යි දශම 07 ක්.