
ඉන්ධන බෙදා හැරීමේ කිව්.ආර් කේත ක‍්‍රමය ලබන මාසයේ සිට ඉවත් කිරීමට තීරණය කර නොමැති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ රටට අවශ්‍ය සම්පූර්ණ ඉන්ධන ධාරිතාව ලැබෙනතුරු කිව්.ආර් ක‍්‍රමවේදය අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන බවයි.
මෙම කේත ක‍්‍රමය ඉවත් කරන බවට ඇතැම් මාධ්‍ය වාර්තාවලට ප‍්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
මේ අතර අද සිට ලබන සිකුරාදා දක්වා පැය 02 ක කාලයක් විදුලි කප්පාදු කෙරෙනු ඇති.