
හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංග ඇතුළු පක්ෂය හැරගොස් ආණ්ඩුවේ තනතුරු ලබාගත් සියලූ දෙනාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර තිබෙනවා.
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරණතුංගට අමතරව අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, නිමල් සිරිපාලද සිල්වා, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවනන්, චාමර සම්පත් දසනායක, සුරේන් රාගවන්, ජගත් පුෂ්පකුමාර සහ ශාන්ත බණ්ඩාර ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයින් 9 දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වයයි මෙලෙස අත්හිටුවා ඇත්තේ.
එමෙන්ම ආණ්ඩුවේ අමාත්‍ය ධූර භාරගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර එම ධූරයෙන් ඉවත් කිරීමටයි මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත්තේ. එම තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය සභාපතිවරයෙකු වූ තිලංග සුමතිපාල පත් කර තිබෙනවා.
පක්ෂ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව ඊයේ පස්වරුවේ පක්ෂ මූලස්ථානයේ දී රැස්වුණා.
රැස්වීම අතරතුර නිදහස් පක්ෂ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඉන් නැගිට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.