
කටාර් හි පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරඟාවලියේ ඊයේ පැවති තරඟ දෙකෙන් ඉරානය පරදවා එංගලන්තය සහ සෙනගාලය පරදවා නෙදර්ලන්තයද ජය වාර්තා කළා.
බී කාණ්ඩය යටතේ ඉරානයට එරෙහිව පැවති තරඟය ගෝල 6ට 2ක් ලෙස ජයගනු ලැබුවේ එංගලන්තයයි.
ඒ කාණ්ඩය යටතේ සෙනගාලයට එරෙහිව පැවති තරඟය නෙදර්ලන්තය ජයගනු ලැබුවේ ගෝල 2ට බින්දුවක් ලෙසයි.