
තණමල්විල – ගලපිටගල ප‍්‍රදේශයේ රක්ෂිත වනාන්තරයක පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයකට අනවසරෙන් ඇතුළු වී පුරා වස්තු ලබාගැනීම සඳහා කැනීම් කරමින් සිටි භික්ෂුන්වහන්සේලා තුන්දෙනෙකු ඇතුළු 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ තණමල්විල පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකල හදිසි වැටලීමකදීයි.
එහිදී පූජාවන් සඳහා රැගෙන ආ කැවිලි වර්ග,මල්,පහන් ඇතුළු පූජා භාණ්ඩ, කැනීම් සඳහා යොදා ගත් උදළු 03 ක්, අලවංගු 02 ක් හා සැකකරුවන් පැමිණි කැබ් රථයක්ද පොලිස් භාරයට ගැනුණා.
රත්නපුර ප‍්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන මෙම හිමිවරුන් තිදෙනා 18,47 හා 69 යන වයස්වල පසුවන අතර අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන් ද ඒ අතර සිටින බවයි පොලිසිය සඳහන් කළේ. අනෙක් සැකකරුවන් තිදෙනා රත්නපුර, ඕපනායක සහ කහවත්ත ප‍්‍රදේශවල පදිංචිකරුවන් වනවා.