
දුම්රිය මගින් භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ දී ආයතන 31 කින් රුපියල් දොළොස් කෝටි හාරලක්ෂ හැත්තෑ හයදහස් නවසිය හතලිස් අටක මුදලක් ගෙවීමට ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව අනාවරණය කරනවා.
ආයතන 16කින් ලැබිය යුතු හිඟ මුදල් වසර 21 කට වඩා පැරණි වන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
2017 වසරේ සිට 2020 වසර දක්වා දුම්රියෙන් භාණ්ඩ ප‍්‍රවාහනය කිරීමේ දී දහසයලක්ෂ අනුහයදහස් දෙසිය විසිපහක් අය විට යුතු බවත්, එම මුදල් ද 2021 වසර දක්වා ගෙවා නොමැති බවට විගණකාධිපති දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළා.