
ලබන වසරේදී ශ‍්‍රී ලාංකික හෙදියන් 4,000 ක් සිංගප්පූරුවේ රැකියා සඳහා බඳවා ගැනීමට සූදානම් වන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප‍්‍රකාශ කළා.
සිංගප්පූරු සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රයේ රැකියා සඳහා මෙලෙස ශ‍්‍රී ලාංකිකයන්ට අවස්ථාව හිමිවන්නේ වසර විස්සකට පසුවයි.
මෙහි මූලික කටයුතු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සිංගප්පූරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් 10 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි විශේෂඥ වෛද්‍යවරයා කියා සිටියේ.