
ඉන්දුනීසියාවේ ජාවා දූපත් හි සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 268 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
තවත් 151 දෙනෙකු අතුරුදන් අතර, දහසකට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
පසුගිය සඳුදා පස්වරුවේ රික්ටර් මාපකයේ 5.6 ක ප‍්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයක් ජාවා දූපත් හි සිදුවූ අතර, මේ වනවිටත් සහන කණ්ඩායම් සුන්බුන් අතර සිරවූවන් සොයා මෙහෙයුම් සිදුකරනවා.
භූ කම්පනය හේතුවෙන් නිවාස 22,000 ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර, 58,000 ක් අවතැන් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.