
රක්ෂිත බන්ධනාගාරගතව සිටින 26,000 කට අධික පිරිසකගෙන් සියයට 80 ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගතවූවන් බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පවසනවා.
කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ ලබාගත් අසම්පූර්ණ වාර්තාවලට අනුව ලක්ෂ පහකට ආසන්න කණ්ඩායමක් මත්ද්‍රව්‍ය ලබාගන්නා බවට අනාවරණ වී ඇති බවයි.
එසේම අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් මේ වනවිට නීති යාවත්කාලීන කර ඇති බවද අමාත්‍යවරයා එහිදී සඳහන් කළා.
අයිස් මත්ද්‍රව්‍ය පාසල් දරුවන් අතර වැඩි වශයෙන් ව්‍යාප්තව ඇති බවද ඔහු එහිදී කියා සිටියා. විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දී ඇති ආකාරයට එක් වතාවක් අයිස් මත්ද්‍රව්‍ය භාවිත කළහොත් ඊට ඇබ්බැහිවීමක් සිදුවන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කළා.