නැවත අරගලයක් ඇති කළහොත් එය මර්දනය කරන බව ජනාධිපති රනිල් වික‍්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළා.
අයවැය විවාදයට එක්වෙමින් ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ තමන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමක්ද සිදු නොකරන බවයි.
බලය බෙදාහැරීමට සූදානම් බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා, සිය කතාව අතරතුර ඒ සම්බන්ධයෙන් පක්ෂ නායකයින්ගේ මතයද විමසනු ලැබුවා.
ඒ අනුව අයවැයෙන් පසු සියලූ පක්ෂවල සහභාගීත්වයෙන් සාකච්ඡාවක් පවත්වා මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීමට සූදානම් බවයි ජනාධිපතිවරයා සඳහන් කළේ.