
කොළඹ වරාය ආසන්න මුහුදු තීරයේදී එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම නෞකාවේ කපිතාන්වරයා ඇතුළු විත්තිකරුවන් 8 දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත‍්‍ර භාර දී තිබෙනවා.
ඒ, එම නඩුව අද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි.
ඉන් අනතුරුව එක් එක් විත්තිකරු රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කිරීමටයි නියෝග කළේ.