
එච්.අයි.වී ආසාදිත වී ඇත්දැයි හඳුනාගැනීම සඳහා මසකට පුද්ගලයන් 60 දෙනෙකු පමණ පරීක්ෂණ සිදු කර ගැනීම සඳහා අන්තර්ජාලය ඔස්සේ ලියාපදිංචි වන බව ජාතික ඒඩ්ස් මර්දන ඒකකය පවසනවා.
ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිමාලි ජයසූරිය කියා සිටියේ ඕනෑම පුද්ගලයෙකුට www.know4sure.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ට එච්.අයි.වී ආසාදිත වී ඇත්දැයි පරීක්ෂණ සිදුකරගැනීම සඳහා වේලාව වෙන්කර ගැනීමට හැකියාව පවතින බවයි.